සෞදි අරාබියෙන් යේමනයට ඩොලර් බිලියන 1.2 ක ආධාරයක්

සෞදි අරාබියෙන් යේමනයට ඩොලර් බිලියන 1.2 ක ආධාරයක්

සෞදි අරාබිය යේමනයට ආර්ථික ආධාරයක් වශයෙන් ඩොලර් බිලියන 1.2 ක මුදලක් ලබා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසර පුරාවට උතුරු යේමනයේ ඉරානය සමග පෙළගැසී සිටින හවුතිවරුන් සමග සටන් බොහෝ දුරට නතර වී තිබෙනවා.

කෙසේ වෙතත් ඒඩන් හි පිහිටි සෞදියේ පිටුබලය ලබන රජය ආර්ථිකමය වශයෙන් පිඩාවට පත්වී සිටින නිසා සෞදි අරාබිය මෙම ආර්ථික ආධාරය සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This