නයිජර් හි පිහිටි සිය තානාපති කාර්යාලය ඉවත් කිරීමට එක්සත් ජනපදයේ සූදානමක්

නයිජර් හි පිහිටි සිය තානාපති කාර්යාලය ඉවත් කිරීමට එක්සත් ජනපදයේ සූදානමක්

පසුගිය සතියේ සිදුවූ කුමන්ත්‍රණයෙන් පසු නයිජර් හි පිහිටි සිය තානාපති කාර්යාලය අර්ධ වශයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපදය අදාළ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා .

දැනටමත් විදේශිකයින් බොහෝ පිරිසක් රටින් ඉවත් කර ඇති අතර පසුගිය ඉරිදා ප්‍රංශ තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් විසින් ප්‍රහාරයක්ද එල්ල කරනු ලැබුවා

නයිජර් හි හමුදා නායක ජෙනරාල් අබ්දුරහමනේ රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට එරෙහිව අනතුරු අඟවා තිබෙන බවද සඳහන්

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පසුගිය බදාදා නෙරපා හරින ලද ජනාධිපති මොහොමඩ් බාසූම් සමග කතා කළ බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම නයිජර් හි ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජය ප්‍රතිෂ්ඨාපනය කිරීමට එක්සත් ජනපදය කැපවී සිටින බවද සඳහන් කර තිබෙනවා

මේ අතර බටහිර අප්‍රිකානු රටවල් 15 ක වෙළඳ කණ්ඩායමක් වන බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව (Ecowas), නයිජර් සමග පැවති සියලු වාණිජ ගනුදෙනු නතර කිරීම ඇතුළු සම්බාධක රැසක් පනවා තිබෙන බවද සඳහන්

Share This