රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා සිට යුක්‍රේන සිවිල් වැසියන් 10,000කට වැඩි පිරිසක් මරුට

රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා සිට යුක්‍රේන සිවිල් වැසියන් 10,000කට වැඩි පිරිසක් මරුට

2022 පෙබරවාරි මාසයේ රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා සිට සිවිල් වැසියන් 10,000කට වැඩි පිරිසක් මිය ගොස් 15,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව යුක්‍රේනයේ යුද අපරාධ දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා

මෙම සංඛ්‍යා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානවල සංඛ්‍යාවලට සමාන වන නමුත් සත්‍ය සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවයි නිලධාරීහු පවසන්නේ

රුසියානු ඩ්‍රෝන් ප්‍රහාරයක් ඩැනියුබ් නදියේ යටිතල පහසුකම් ඉලක්ක කර ගත් බව යුක්‍රේනය පවසා තිබෙනවා .

ඉරානයේ නිෂ්පාදිත ෂහේඩ් ඩ්‍රෝන යානා 37ක් ප්‍රහාර එල්ල කිරීමට යොදා ගෙන ඇති බවයි යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ

Share This