ප්‍රංශ තානාපති කාර්යාලයේ ආරක්ෂාව සහතික කරන ලෙසට නයිජර් හි නායකයින්ගෙන් ඉල්ලීමක්

ප්‍රංශ තානාපති කාර්යාලයේ ආරක්ෂාව සහතික කරන ලෙසට නයිජර් හි නායකයින්ගෙන් ඉල්ලීමක්

Niamey හි පිහිටි සිය තානාපති කාර්යාලයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම සහතික කරන ලෙසට ප්‍රංශ විදේශ අමාත්‍යාංශය නයිජර් හි සිටින හමුදා නායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා

එරට අගනුවර තවත් පෙලපාලි සැලසුම් කර ඇති බවට ලැබුණු තොරතුරු මත ප්‍රංශය නයිජර් වෙතින් සිය පුරවැසියන් විශාල වශයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවයි පැවසෙන්නේ

පසුගිය ඉරිදා දිනයේද විරෝධතාකරුවන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයට පහර දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ

මීට පෙර, එක්සත් ජනපදයද නියාමි හි පිහිටි සිය තානාපති කාර්යාලයේ සියලුම හදිසි නොවන කාර්ය මණ්ඩලයට පිටව යන ලෙස නියෝග කරනු ලැබුවා

එමෙන්ම එක්සත් ජනපදය සිය ජාතිකයින්ට නයිජර් වෙත නොයන ලෙසද දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This