මෝටර් රථ 4,000ක් පමණ තිබූ ගිනිගත් නෞකාව නෙදර්ලන්තයේ වරායට රැගෙන එයි

මෝටර් රථ 4,000ක් පමණ තිබූ ගිනිගත් නෞකාව නෙදර්ලන්තයේ වරායට රැගෙන එයි

උතුරු මුහුදේ මෝටර් රථ 4,000කට ආසන්න ප්‍රමාණයක් රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගැනීමෙන් සතියකට වැඩි කාලයකට පසු එම නෞකාව නෙදර්ලන්තයේ ඊසානදිග වරායට රැගෙන විත් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ජුලි 25 වන දින ගින්න හටගත් විට නෞකාව ජර්මනියේ Bremerhaven සිට ඊජිප්තුව බලා පිටත්ව ගොස් ඇති බවයි පැවසෙන්නේ

කාර්ය මණ්ඩලයේ සිටි විසි දෙදෙනෙක් දිවි ගලවා ගත් අතර එක් අයෙකු ගින්නෙන් මිය ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා

ඔවුන්ගෙන් හත් දෙනෙකු ගින්නෙන් බේරීම සඳහා මුහුදට පැන ඇති බවයි සඳහන් වන්නේ

මීටර් 200ක් දිග දිග පැනමාවේ ෆ්‍රෙමැන්ටල් මාර්ගයේ සතියකට ආසන්න කාලයක් ගින්න ඇවිලී ගොස් තිබුණා

තට්ටු 11 කින් යුත් නෞකාවේ ගින්නට හේතුව තවමත් නොදන්නා බවයි නෙදර්ලන්ත වෙරළාරක්ෂක නිලධාරීන් සඳහන් කර ඇත්තේ

නෞකාවේ තිබූ මෝටර් රථ 3,783 න් 498 ක් විදුලි වාහන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This