චීනයට හමුදා තොරතුරු ලබාදුන් බවට සැක එක්සත් ජනපද නාවික හමුදාවේ දෙදෙනෙක් අත්අඩංගුවට

චීනයට හමුදා තොරතුරු ලබාදුන් බවට සැක එක්සත් ජනපද නාවික හමුදාවේ දෙදෙනෙක් අත්අඩංගුවට

චීනයට සංවේදී හමුදා තොරතුරු ලබාදීමේ චෝදනාව මත කැලිෆෝනියාවේ දී අමෙරිකානු නාවික හමුදාවේ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ජාතික ආරක්ෂක තොරතුරු චීන නියෝජිතයෙකුට යැවීමට කුමන්ත්‍රණය කළ බවට එක්සත් ජනපද පුරවැසියෙකු වන 22 හැවිරිදි Jinchao Wei ට චෝදනා එල්ල වී තිබෙනවා

එමෙන්ම සංවේදී ඡායාරූප සහ වීඩියෝ ලබාදී මුදල් ලබා ගැනීමේ චෝදනාව මත 26 හැවිරිදි Wenheng Zhao අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෙම පුද්ගලයින් දෙදෙනාම කැලිෆෝනියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙතෙක් එල්ලකරන ලද චෝදනා පිළිබඳ චීනය කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවද සඳහන්

ජාතික ආරක්ෂක තොරතුරු චීන නියෝජිතයෙකුට යැවීම සම්බන්ධයෙන් Jinchao Wei වරදකරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එමෙන්ම Wenheng Zhao ට එරෙහි චෝදනාවලට අනුව වසර 20ක උපරිම සිර දඬුවමක් හිමිවනු ඇති

ඉන්දු-පැසිෆික් කලාපයේ මහා පරිමාණ එක්සත් ජනපද හමුදා අභ්‍යාසයක් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා චීන බුද්ධි නියෝජිතයෙකු විසින් Wenheng Zhao ට ඩොලර් 15,000 කට ආසන්න මුදලක් ගෙවා ඇති බවටද චෝදනා එල්ල වී තිබෙනවා

Share This