රුසියාවේ Novorossiysk වරායට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාවේ Novorossiysk වරායට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

නිරිතදිග රුසියාවේ කළු මුහුදේ Novorossiysk වරායට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා

රුසියානු අපනයන සඳහා ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන වරායේ විශාල පිපිරීම් ඇතිව ඇති බවද සඳහන්

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ යුක්‍රේන නාවික හමුදා විසින් වරායට එල්ල කළ ප්‍රහාරය මැඩපැවැත්වූ බවයි.

නාවික හමුදා කඳවුරේ පිටත වරාය ආරක්ෂා කරමින් සිටි රුසියානු නැව් විසින් මුහුදු ඩ්‍රෝන යානා දැක විනාශ කර ඇති අතර ප්‍රහාරයෙන් පසු නැව් ගමනාගමනය තාවකාලිකව නවත්වා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර, රුසියානු බලධාරීන් පැවසුවේ යුක්‍රේන ඩ්‍රෝන යානා හතක් මොස්කව්හි නිරිත දෙසින් පිහිටි කළුගා ප්‍රදේශයේදී ව්‍යර්ථ කළ බවයි.

රුසියාව සහ යුක්‍රේනය අතර මුහුදු මාර්ග හරහා ආරක්ෂිතව ධාන්‍ය අපනයනය කිරීමට හැකි වූ එක්සත් ජාතීන්ගේ ගිවිසුම රුසියාව අතහැර දැමීමෙන් පසු මෑත සතිවල වරායන් ඉලක්ක කරගනිමින් ඇතිවූ ගැටුම් වැඩිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This