චීනයේ හෙබෙයි පළාතට ඇද හැලුණු වර්ෂාව නිසා මිලියනයකට අධික පිරිසක් අවතැන්

චීනයේ හෙබෙයි පළාතට ඇද හැලුණු වර්ෂාව නිසා මිලියනයකට අධික පිරිසක් අවතැන්

චීනයේ හෙබෙයි පළාතට ඇද හැලුණු අධික වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියනයකට අධික ජනතාවක් ඔවුන්ගේ නිවෙස්වලින් වෙනත් ස්ථාන කරා ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සමහර ප්‍රදේශවල ජලය බැස යාමට මාසයක් පමණ කාලයක් ගතවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඩොක්සුරි සුළි කුණාටුවෙන් ඇති වූ වර්ෂාවෙන් චීනයේ උතුරු පළාතේ මිලියන 75ක ජනතාවක් පීඩාවට පත් වූණා

පසුව බීජිං සහ ටියැන්ජින් නගරවලට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර ඒ හේතුවෙන් අවම වශයෙන් විසි දෙදෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ

Share This