පාකිස්ථානයේ දී දුම්රියක් පීලි පැනීමෙන් මියගිය ගණන 30 දක්වා ඉහළට

පාකිස්ථානයේ දී දුම්රියක් පීලි පැනීමෙන් මියගිය ගණන 30 දක්වා ඉහළට

දකුණු පාකිස්ථානයේ දී දුම්රියක් පීලී පැනීමෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය තහවුරු කර තිබෙනවා.

කරච්චියේ සිට කිලෝමීටර් 275ක් පමණ දුරින් නවාබ්ෂා හි සහරා දුම්රිය ස්ථානය අසලදී හසාරා සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි කිහිපයක් පෙරළී ගියේ ඊයේ (06) දිනයේදීයි

තුවාල ලැබූ මගීන් අසල රෝහල් වෙත ගෙන ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එරට දුම්රිය අමාත්‍ය සාද් රෆීක් සඳහන් කළේ දුම්රිය සාමාන්‍ය වේගයකින් ධාවනය වූ බව මූලික පරීක්ෂණවලින් පසු හෙළිවූ බවත් පීලි පැනීමට හේතුව කුමක්ද යන්න තහවුරු කිරීමට තවමත් උත්සාහ කරමින් සිටින බවත්ය.

මේ අතර කරච්චි හි දුම්රිය ප්‍රකාශකයෙකු සඳහන් කළේ අවම වශයෙන් මැදිරි අටක්වත් පීලි පැන ඇති බවයි.

එමෙන්ම Nawabshah සහ Sindh හි අසල්වැසි දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රධාන රෝහල්වල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This