හාන්ස් කුණාටුවෙන් නොර්වේ හි ජංගම නිවාස රැසකට හානි – දහස් ගණනක් ජනතාව නිවෙස්වලින් ඉවතට (VIDEO)

හාන්ස් කුණාටුවෙන් නොර්වේ හි ජංගම නිවාස රැසකට හානි – දහස් ගණනක් ජනතාව නිවෙස්වලින් ඉවතට (VIDEO)

නොර්වේ හි පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට ජංගම නිවාස රැසක් ගසාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

Hemsilar ගඟේ පාලමක් යටින් මෙම ජංගම නිවාස ගසාගෙන යන විට හෙම්සෙඩාල් නගරයේ ජනතාව එය නැරඹීම සඳහා එක්ව සිටින අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා

හාන්ස් කුණාටුව හේතුවෙන් අධික වර්ෂාවක් මෙන්ම ගංවතුර හේතුවෙන් ගමනාගමනයට බාධා ඇතිව තිබෙනවා

දහස් ගණනක් ජනයා ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇති බවයි පැවසෙන්නේ

නැගෙනහිර නෝර්වේ හි, Glomma ගඟේ Braskereidfoss වේල්ල දැඩි වර්ෂාවෙන් පසු අර්ධ වශයෙන් කඩා වැටී ඇති බවද සඳහන්

Share This