මියන්මාරයේ සිට මැලේසියාව බලා යමින් සිටි බෝට්ටුවක් පෙරලීමෙන් 17ක් මරුට

මියන්මාරයේ සිට මැලේසියාව බලා යමින් සිටි බෝට්ටුවක් පෙරලීමෙන් 17ක් මරුට

බෝට්ටුවක් පෙරළීමෙන් පසු මියන්මාර වෙරළ තීරයේ තිබී සිරුරු 17 ක් පමණ සොයාගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔවුන් මියන්මාරයේ සිට මැලේසියාව බලා යමින් සිටි අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මියගිය අය අතර කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමින් හත් දෙනෙකු වන අතර ඔවුන් සියල්ලෝම රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයින් බව Shwe Yaung Matta Foundation ගලවා ගැනීමේ කණ්ඩායමේ ප්‍රකාශක Bya Latt සඳහන් කර තිබෙනවා

රඛයින් ප්‍රාන්තයේ අගනුවර වන Sittwe ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ

දිවි ගලවා ගත් අට දෙනෙකු එරට ප්‍රාදේශීය පොලිස් ස්ථානයක රඳවා සිටින බවයි වාර්තා වන්නේ

මේ අතර බෝට්ටුවේ බෝට්ටු රියදුරන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 58 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි බව Sittwe හි පොලිස් නිලධාරියෙකු CNN පුවත් සේවය වෙත පවසා තිබෙනාව

ප්‍රාදේශීය පොලිසිය සහ ගලවා ගැනීමේ පදනමේ ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින අතර 33 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇති බවයි පැවසෙන්නේ

මියගිය අය Rathedaung, Maungdaw සහ Buthidaung ඇතුළු විවිධ නගරවල අය බවටයි හඳුනාගෙන ඇත්තේ

Share This