වසර 47කට පසු රුසියාවෙන් සඳ වෙත Luna 25 අභ්‍යවකාශ යානය ගුවන් ගත කෙරේ ( VIDEO )

වසර 47කට පසු රුසියාවෙන් සඳ වෙත Luna 25 අභ්‍යවකාශ යානය ගුවන් ගත කෙරේ ( VIDEO )

රුසියාව වසර 47 කට පසු සඳ වෙත පළමු අභ්‍යවකාශ යානය ගුවන් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

රුසියාව සඳ මතුපිටට මෙලෙස සිය Luna 25 අභ්‍යවකාශ යානය ගුවන් ගත කර තිබෙන්නේ අභ්‍යවකාශයක් චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැස්ස වූ පළමු රට බවට පත්වීමේ අරමුණින් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

කාර්යය මණ්ඩලයක් නොමැති Luna 25 අභ්‍යවකාශ යානය රුසියාවේ අමූර් ප්‍රදේශයේ Vostochny Cosmodrome වෙතින් නියමිත වේලාවට පිටත්වූ බවයි පැවසෙන්නේ

සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ ජල තැන්පතු පවතින බව විශ්වාස කෙරෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

රුසියානු අභ්‍යවකාශ ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙන්නේ අභ්‍යවකාශයානයේ ලෑන්ඩරය අගෝස්තු 21 වන දින සඳ මත ස්පර්ශ කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 හි අභ්‍යවකාශ යානය අගෝස්තු 23 වන දින සඳ මතුපිටට ළඟා වීමට නියමිතව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This