හවායි හි ලැව්ගිනි නිසා මියගිය ගණන තවත් ඉහළට (Video)

හවායි හි ලැව්ගිනි නිසා මියගිය ගණන තවත් ඉහළට (Video)

හවායි හි හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 89ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම එරට බලධාරීන් පවසන්නේ මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යනු ඇති බවයි.

මෙම ලැව්ගිනි හටගෙන මේ වනවිට දින කිහිපයක් ම ගත වී ඇති අතර තවමත් බොහෝ දෙනෙකු අතුරුදන් වී ඇති බව ද සඳහන්.

ඓතිහාසික ලහයිනා නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයක පවතින ලැව්ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයන් උත්සාහ දරමින් සිටිනවා.

හවායි මුහුණ දුන් දරුණුතම ස්වාභාවික විපත මෙය බවටයි පැවසෙන්නේ.

මියගිය පුද්ගලයන්ගේ සිරුරු සෙවීමට සුනඛයන් යොදවා තිබෙනවා.

මේ වනවිට ගොඩනැගිලි 200ක් පමණ විනාශ වී ඇති අතර ඉන් බහුතරයක් නිවාස බවටයි පැවසෙන්නේ.

Share This