එක්සත් ජනපදයේ ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටෙන අයුරු (VIDEO)

එක්සත් ජනපදයේ ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටෙන අයුරු (VIDEO)

එක්සත් ජනපදයේ ගුවන් සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

MiG-23 ජෙට් යානයෙන් ගුවන් නියමුවන් දෙදෙනෙකු නිරුපද්‍රිතව ගොඩ බැස ඇති බවත් අනතුරින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

මෙම ජෙට් යානය Ypsilanti වලට නැගෙනහිරින් පිහිටි Willow Run ගුවන් තොටුපලෙන් පිටත්ව ඇති බවයි පැවසෙන්නේ

පසුව ගුවන් සංදර්ශනය අතරතුරදී හදිසියේම අසල පිහිටි මහල් නිවාස සංකීර්ණයක වාහන නැවැත්වීමේ ස්ථානයට කඩා වැටී ඇති බව Wayne County Airport Authority (WCAA) නිලධාරීන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා

ජෙට් යානය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝව පහතින් නැරඹිය හැකියි

 

Share This