මියන්මාරයේ පතලක් නාය යාමෙන් 30 දෙනෙකු පමණ අතුරුදන් -මෙහෙයුම් ක්‍රියාත්මකයි

මියන්මාරයේ පතලක් නාය යාමෙන් 30 දෙනෙකු පමණ අතුරුදන් -මෙහෙයුම් ක්‍රියාත්මකයි

උතුරු මියන්මාරයේ ජේඩ් පතලක මඩ සහිත කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් 30 දෙනකු පමණ අතුරුදන් වී ඇතැයි වාර්තා වනවා

Kachin ප්‍රාන්තයේ Hpakant කඳුකර නගරය ලොව විශාලතම සහ වඩාත්ම ලාභදායී ජේඩ් පතල් පිහිටි ස්ථානයක් බවයි පැවසෙන්නේ .

පීඩාවට පත් වූවන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රදේශවාසීන් බව විශ්වාස කෙරෙන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මෙම පතල්වල වැඩ කරමින් අතහැර දැමූ පතල් වලවල්වල ජීවත් වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මැයි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මියන්මාරයට අධික මෝසම් වර්ෂාවක් පතිත වන විට ප්‍රදේශයේ මාරාන්තික නායයෑම් බහුලව සිදුවන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

ඒ අනුව වැසි සමය හේතුවෙන් පතල් කැණීම් කටයුතු අත්හිටුවා තිබූ අතර එක් ගලවා ගැනීමේ සේවකයෙකු පවසා තිබෙන්නේ පුද්ගලයින් 34 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති අතර අට දෙනෙකු තුවාල ලබා ඉරිදා රෝහලට ගෙන ගිය බවයි.

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන නමුත් සමහර පතල් කම්කරුවන් ජේඩ් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ වන විටත් එම ස්ථානයට පැමිණ ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ

Share This