ඉතාලියේ එට්නා ගිනි කන්ද සක්‍රීය වෙයි

ඉතාලියේ එට්නා ගිනි කන්ද සක්‍රීය වෙයි

ඉතාලියේ එට්නා (Etna) ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ගිනි කන්ද පිහිටි ප්‍රදේශයේ ඇති සිසිලියේ කැටානියා ගුවන් තොටුපොළේ ගුවන් ගමන් අත්හිටුවා ඇති බව සඳහන්.

ඊයේ (13) රාත්‍රීයේ සක්‍රීය වී ඇති ගිනි කන්දෙන් අළු සහ දුමාරය පිටවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

එමෙන්ම කැටානියා නගරාධිපති එන්රිකෝ ට්‍රැන්ටිනෝ ඉදිරි පැය 48 තුළ යතුරුපැදි සහ බයිසිකල් භාවිතය ද තහනම් කර තිබෙනවා.

ඒ ගිනි කන්දෙන් පිටවන අළු විසිරීම හේතුවෙන් මාර්ගවල ලිස්සන සුළු තත්ත්වයක් පවතින අතර අනතුරු සිදුවීම වළක්වා ගැනීම සඳහායි එම පියවර ගෙන ඇත්තේ

පසුගිය මැයි 21 වැනිදා ද එට්නා ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් කැටානියා ගුවන් තොටුපළ දිනකට වසා දැමුණා

Share This