දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් 12 ක් මරුට (VIDEO)

දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් 12 ක් මරුට (VIDEO)

දකුණු රුසියාවේ ඩැගෙස්තාන් නගරයේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

කැස්පියන් මුහුදේ වෙරළ තීරයේ පිහිටා ඇති ප්‍රාදේශීය අගනුවර වන Makhachkala හි, එරට වේලාවෙන් රාත්‍රී 9:40 ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙනවා

තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මරණ සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවයි බලධාරීන් විශ්වාසය පළ කරන්නේ

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

හදිසි සේවකයින් 260 ක් පමණ යොදවා ඇති අතර බරපතල තුවාල ලැබූවන් මොස්කව් වෙත රැගෙන යාම සඳහා ගුවන් යානයක් ද යොදවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මියගිය අය අතර ළමුන් තිදෙනෙකුද සිටින බව සඳහන්

පිපිරීමත් සමග ඇතිවූ ගින්න වර්ග මීටර් 600ක ප්‍රදේශයක් පුරා පැතිර ගොස් ඇති අතර තවදුරටත් පිපිරීම් ඇතිවීමේ අවදානමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This