ලැව්ගිනි හේතුවෙන් Maui හි සිදුවූ මරණ 99 දක්වා ඉහළට – මියගිය අයගේ නම් අද සිට ප්‍රකාශයට

ලැව්ගිනි හේතුවෙන් Maui හි සිදුවූ මරණ 99 දක්වා ඉහළට – මියගිය අයගේ නම් අද සිට ප්‍රකාශයට

Maui ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉදිරි දිනවලදී ද තවත් සැලකිය යුතු ලෙස මරණ සංඛ්‍යාව වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය පවසනවා

මියගිය අයගේ නම් අද (15) සිට නිකුත් කිරීමට නිලධාරීන් ආරම්භ කරන බව Maui ප්‍රාන්ත පොලිස් ප්‍රධානී ජෝන් පෙලෙටියර් සඳහන් කර තිබෙනවා

ලැව්ගිනි හේතුවෙන් අවතැන් වූ පවුල් සඳහා නිවාස ඒකක 2000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලබා ගත හැකි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

තවත් නිවැසියන් 160ක් අවතැන් වූවන්ට තම නිවෙස්වල නවාතැන් ලබා දීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින බවද සඳහන් වනවා

අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උපකාර වන හදිසි ප්‍රකාශයකට ද අත්සන් කර ඇති බව Maui ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබෙනවා

Share This