ජීවිත 3කට මරු කැඳවමින් මාන්කුලමේ සිදුවූ රිය අනතුර (PHOTOS)

ජීවිත 3කට මරු කැඳවමින් මාන්කුලමේ සිදුවූ රිය අනතුර (PHOTOS)

ඒ – 9 මාර්ගයේ මාන්කුලම, පනිච්චන්කුලම ප්‍රදේශයේදී වාහන 03ක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

අද (15) අළුයම් කාලයේදී මෙම අනතුර සිදුව ඇති අතර වෑන් රථයක්, ලොරි රථයක පිටුපස ගැටී පසුව එය ඊට ඉදිරියෙන් තිබූ තවත් ලොරියක ගැටී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේ පිටුපස ලොරියේ රියදුරු රථයෙන් බැස සිට ඇති අතර ඔහු ලොරි රථ දෙකට සිරවී බරපතල තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම අදාළ ලොරි රථයේ පිටුපස සිටි පුද්ගලයෙකු සහ වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන්ගත් පුද්ගලයෙක්ද බරපතල තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුලත් කර ඇති ඇති අතර මෙම තිදෙනාම මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

මියගොස් ඇත්තේ අවුරුදු 38, 46 හා 58 යන වයස්වල පසුවූ මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මීට අමතරව වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් තිදෙනෙකු සහ එක් ලොරි රථයක ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලටත්, අනෙක් ලොරි රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මාන්කුලම රෝහලටද ඇතුලත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

 

 

 

 

 

 

 

Share This