ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ තවත් 18 දෙනෙකුට තවත් අධිචෝදනා පත්‍රයක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ තවත් 18 දෙනෙකුට තවත් අධිචෝදනා පත්‍රයක්

ජෝර්ජියාවේ නඩු පවරන්නන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ තවත් 18 දෙනෙකුට චෝදනා 41 කින් යුත් අධිචෝදනා පත්‍රයක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

හිටපු ජනාධිපතිවරයා ජෝර්ජියාවේ ප්‍රධාන මැතිවරණ නිලධාරියාගෙන් තමාට පක්ෂව ඡන්ද 11,780ක් සොයා දෙන්න ලෙස ඉල්ලූ දුරකථන ඇමතුමක හඬ පටයක් නිකුත් වීමෙන් පසුව විමර්ශනයක් ආරම්භ වූ බවයි සඳහන් වන්නේ

මෙය ට්‍රම්ප්ගේ සිව්වන අපරාධ අධිචෝදනා පත්‍රය වන අතර ඔහුට අනෙක් නඩු තුනෙන් අපරාධ චෝදනා 78 කට මුහුණ දීමට සිදුවන බවද විදෙස් මාධ්‍ය පවසනවා

2020 මැතිවරණයට ඇඟිලි ගැසීම්, අසභ්‍ය තරුවකට මුදල් ගෙවා රහසිගත ලිපි ලේඛන ගබඩා කිරීම යන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට මේ වන විටත් චෝදනා එල්ල වී තිබෙනවා

Share This