තරුණව සිටීමට වසරකට ඩොලර් මිලියන 2ක් වැය කරන මිනිසෙක්

තරුණව සිටීමට වසරකට ඩොලර් මිලියන 2ක් වැය කරන මිනිසෙක්

45 හැවිරිදි මෘදුකාංග ප්‍රකෝටිපතියෙකු වන Bryan Johnson, තරුණ පෙනුම රැකගැනීමට අනුගමනය කරන පිළිවෙත් සඳහා වසරකට ඩොලර් මිලියන 02ක් වියදම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු පවසන්නේ මේ ක්‍රියාවලිය නිසා ඔහුට ආදර සබඳතාවක් ඇති කර ගැනීම ඉතා දුෂ්කර වී ඇති බවයි.

පසුගිය සතියේ ස්ටීවන් බාර්ට්ලට් සමග වැඩසටහනකට එක්වෙමින් Johnson මහතා මේ බව ප්‍රකාශ කළ අතර ඔහුගේ මේ අදහස් පිළිගන්නා සහකාරියක් සොයා ගැනීම ඉතා දුෂ්කර බවත් ප්‍රකාශ කළා.

ඔහු උදේ 6 සිට 11 දක්වා දිනකට කැලරි 2,250 ක් අනුභව කරන අතර මත්පැන් පානය නොකරන බවත් දිනකට රුව රැකගැනීමට වන බෙහෙත් පෙති 111 භාවිතා කරනවා.

ඔහුගේ 30 ගණන්වලදී ඔහු ධනය උපයා ගත්තේ ගෙවීම් සැකසුම් සමාගමක් වන Braaintree Payment Solutions eBay වෙත ඩොලර් මිලියන 800 ක මුදලකට විකුණා දැමූ අවස්ථාවේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පෙබරවාරි මාසයේදී Johnson මහතා සහ ඔහුගේ වෛද්‍යවරුන් කණ්ඩායම “ව්‍යාපෘති සැලැස්ම” ලෙස හඳුන්වන දැඩි සැලැස්මක් හරහා ඔහුගේ යෞවනය නැවත ලබා ගැනීමට දරන උත්සාහය පිළිබඳ ලිපියක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This