දේශසීමා තරණය කළ අමෙරිකානු සොල්දාදුවා ගැන උතුරු කොරියාවෙන් ප්‍රකාශයක්

දේශසීමා තරණය කළ අමෙරිකානු සොල්දාදුවා ගැන උතුරු කොරියාවෙන් ප්‍රකාශයක්

උතුරු කොරියාවේ දේශසීමා තරණය කළ Travis King නැමැති අමෙරිකානු සොල්දාදුවා පසුගිය මාසයේදී තම භූමියට ඇතුළු වූයේ හමුදාවේ අමානුෂික හිංසනය සහ වාර්ගික වෙනස්කම් කිරීම් හේතුවෙන් බව උතුරු කොරියාව පවසා තිබෙනවා

23 හැවිරිදි Travis King ජූලි 18 වන දින දකුණු කොරියාවේ සිට දේශසීමාව හරහා ගමන් කළේ මාර්ගෝපදේශක සංචාරයක යෙදී සිටියදීයි .

ඔහු නීතිවිරෝධී ලෙස දේශ සීමා තරණය කළ බව පිළිගත් අතර Travis Kingට උතුරු කොරියාවේ රැකවරණය අවශ්‍ය බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා

මේ පිළිබඳව කොරියානු අර්ධද්වීපයේ උතුරු කොරියානු බලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Travis Kingගේ පවුලේ අය මීට පෙර එක්සත් ජනපද මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඔහු හමුදාව තුළ ජාතිවාදය අත්විඳින බවත් අතුරුදන් වීමට පෙර ඔහුගේ මානසික සෞඛ්‍යය පිරිහුණු බවක් පෙනෙන්නට තිබූ බවත්ය

Share This