බෝට්ටුවක සිටි සංක්‍රමණිකයන් 40ක් පමණ බේරා ගැනේ – මියගිය සංඛ්‍යාව තවමත් වාර්තා වී නැහැ

බෝට්ටුවක සිටි සංක්‍රමණිකයන් 40ක් පමණ බේරා ගැනේ – මියගිය සංඛ්‍යාව තවමත් වාර්තා වී නැහැ

මධ්‍යම අත්ලාන්තික් සාගරයේ පිහිටි දූපත් රටක් වන Cape Verde ඔබ්බෙන් ගමන් කරමින් තිබූ බෝට්ටුවක සිටි බටහිර අප්‍රිකානු සංක්‍රමණිකයන් පිරිසක් බේරාගෙන තිබෙනවා

එම බෝට්ටුවේ සිටි සංක්‍රමණිකයින් 40 දෙනෙකු පමණ බේරා ගෙන ඇති අතර තවත් පිරිසක් මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මියගිය සංඛ්‍යාව නිශ්චිතව මේ වෙනතෙක් තහවුරු කර නැහැ .

මෙම බෝට්ටුව මීට මාසයකට පෙර සෙනගාලයේ සිට පුද්ගලයින් 100 දෙනෙකු පමණ රැගත්ව පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ

මෙම සංක්‍රමණිකයන් ස්පාඤ්ඤ කැනරි දූපත් වෙත ගමන් කරමින් තිබූ බවටයි විශ්වාස කර තිබෙන්නේ

Share This