සෙනගාලයේ සිට පිටත්වූ සංක්‍රමණිකයන් 60කට වැඩි පිරිසක් මිය ගිය බවට සැකයක්(VIDEO)

සෙනගාලයේ සිට පිටත්වූ සංක්‍රමණිකයන් 60කට වැඩි පිරිසක් මිය ගිය බවට සැකයක්(VIDEO)

බටහිර අප්‍රිකාවේ Cape Verde වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක සිටි පුද්ගලයන් 60 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවට බලධාරීන් මේ වනවිට සැක පළ කර තිබෙනවා.

ළමුන් ඇතුළු තිස්අට දෙනෙකු බේරා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මාසයකට වැඩි කාලයක් මොවුන් මුහුදේ සිට ඇති අතර බෝට්ටුවේ සිටි සියලු දෙනාම පාහේ සෙනගාලයේ සිට පැමිණි අය බවටයි වාර්තා වී ඇත්තේ

තවදුරටත් මෙලෙස සිදුවන ජීවිත හානි වැළැක්වීම සඳහා සංක්‍රමණය පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස Cape Verde නිලධාරීන් ඉල්ලා ඇති බවද සඳහන්

Cape Verde හි Sal සිට කිලෝමීටර් 320 ක් පමණ දුරින් තිබූ මෙම බෝට්ටුව ස්පාඤ්ඤ ධීවර බෝට්ටුවක් විසින් දැක ඇති අතර පසුව එය බලධාරීන්ට දැනුම් දුන් බව එරට පොලිසිය පවසනවා

දිවි ගලවා ගත් අය අතර වයස අවුරුදු 12 ත් 16 ත් අතර ළමුන් සිව් දෙනෙකු සිටින බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා

මේ අතර සෙනගාලයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ බෝට්ටුව ජූලි 10 වන දින මගීන් 101 දෙනෙකු සමග එරටින් පිටත්ව ඇති බවයි.

දිවි ගලවා ගත් අය නැවත ගෙන්වා ගැනීම සඳහා Cape Verde හි බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බවද සෙනගාලයේ විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්

Share This