ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට සමීපයෙන් -විදෙස් මාධ්‍ය

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට සමීපයෙන් -විදෙස් මාධ්‍ය

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය ලෑන්ඩරයක් සහ රෝවරයක් සහිතව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට සමීප වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය අගෝස්තු 23 වන දින සඳ මතුපිටට ගොඩ බැස්සවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

කෙසේවෙතත් රුසියාවෙන් වසර 47 කට පසු සඳ වෙත යැවූ Luna-25 අභ්‍යවකාශ යානය චන්ද්‍රයාන්-3ට පෙර ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

රුසියාව සඳ මතුපිටට මෙලෙස සිය Luna 25 අභ්‍යවකාශ යානය ගුවන් ගත කර තිබෙන්නේ අභ්‍යවකාශයක් චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැස්ස වූ පළමු රට බවට පත්වීමේ අරමුණින් බවයි මීට පෙර විදෙස් මාධ්‍ය සඳහන් කළේ

චන්ද්‍රයාන්-3ට පෙර Luna 25 අභ්‍යවකාශ යානය චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැස්සවුවහොත් රුසියාවේ අරමුණ ඉටුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කෙසේ වෙතත්, ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය BBC පුවත් සේවයට පවසා තිබෙන්නේ මෙය තරගයක් නොවන බවත් රටවල් දෙකට සඳ මත නව හමුවීමක් ඇති වන බවත්ය.

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය පසුගිය ජූලි 14 වනදා පස්වරු 2.35 ට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වුණා

Share This