ඇෆ්ගනිස්ථානයේ මිලියන 15 කට අධික ජනතාවක් ආහාර අර්බුදයක

ඇෆ්ගනිස්ථානයේ මිලියන 15 කට අධික ජනතාවක් ආහාර අර්බුදයක

ඇෆ්ගනිස්ථානයේ පවතින ආර්ථික හා මානුෂීය අර්බුදය මධ්‍යයේ, රටේ මිලියන 15.5 ක ජනතාවක් දැඩි ආහාර අර්බුදයකින් පෙළෙන බව ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ වාර්තාවක් උපුටා දක්වමින් Tolo News වාර්තා කර තිබෙනවා

පවතින අර්බුදය සම්බන්ධයෙන් වාර්තාව සඳහන් කර තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ පසුගිය වසර තුන තුළ පැවති නියඟය සහ පසුගිය වසර දෙක තුළ ඇති වූ ආර්ථික අර්බුදය රටේ ජනතාවගේ අවශ්‍යතා ඉහළ නංවා ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයේ මිලියන 2.7 ක ජනතාවක් සාගතයට මුහුණ දී සිටින බවයි TOLO News වැඩිදුරටත් වාර්තා කරන්නේ

ආර්ථික විද්‍යාඥයෙකු වන සෙයාර් කුරේෂි පවසා තිබෙන්නේ කෙටි කාලීනව, ඉස්ලාමීය එමීර් රාජ්‍යය ,ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර ලබා දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග කතා කළ යුතු අතර මානුෂීය අර්බුදයක් එමගින් වළක්වා ගත යුතු බවයි

කෙසේ වෙතත්, සංවර්ධන අංශයට ජාත්‍යන්තර ආධාර ලබා දී නොමැති බව තලේබාන් ආර්ථික අමාත්‍යාංශය පවසනවා

මීට අමතරව, රටේ පවතින ආර්ථික අභියෝගවලට එරෙහිව කටයුතු කිරීම සඳහා අමාත්‍යාංශය විශාල ආර්ථික ව්‍යාපෘති දියත් කර ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරනවා

එපමණක් නොව, කාබුල් වැසියන් ආර්ථික ගැටලු සමඟ කටයුතු කරන බවත් ඔවුන් සඳහා ව්‍යවසායකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් TOLO News පවසා තිබෙනවා

ඇෆ්ගනිස්ථානයේ මිලියන 16 ක ජනතාවකට ජීවිතාරක්ෂක ආහාර සැපයීමට ඉන්දියාව ලබා දෙන උපකාරයට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (UNWFP) ස්තූතිය පළ කර ඇති බවද සඳහන්

Share This