දකුණු අප්‍රිකාවේ දේශපාලන පක්ෂ හතක සන්ධානයක් නව ගිවිසුමකට අත්සන් තබයි

දකුණු අප්‍රිකාවේ දේශපාලන පක්ෂ හතක සන්ධානයක් නව ගිවිසුමකට අත්සන් තබයි

දකුණු අප්‍රිකාවේ දේශපාලන පක්ෂ හතක සන්ධානයක් නව ගිවිසුමකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

2024 මැතිවරණයේදී පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) බලයෙන් පහකිරීමේ ප්‍රයත්නයක් ලෙස මෙම ගිවිසුමකට අත්සන් තබා ඇති බව සඳහන්

දකුණු අප්‍රිකාව දුර්වල ආර්ථිකයක්, දූෂණය, විරැකියාව සහ පෙර නොවූ විරූ බලශක්ති අර්බුදයකට එරෙහිව සටන් කරන කාල වකවානුවක් අතරතුර මෙම ගිවිසුම පැමිණිමද විශේෂත්වයක් බවයි පැවසෙන්නේ

මේ පිළිබඳව විශ්ලේෂකයින් පවසා ඇත්තේ 1994 දී දකුණු අප්‍රිකාව ප්‍රජාතන්ත්‍රවාදය වෙත නැවත පැමිණීමෙන් පසු ප්‍රථම වතාවට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයට (ANC) පාර්ලිමේන්තු බහුතරය අහිමි වීමේ අවදානමක් පවතින බවයි.

කෙසේ වෙතත්, නව කණ්ඩායම මැතිවරණයෙන් සාර්ථක වුවහොත් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන්නේ කවුරුන්ද යන්න තවමත් තීරණය කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This