රුසියාවේ Luna-25 යානය සඳ මතට කඩා වැටෙයි

රුසියාවේ Luna-25 යානය සඳ මතට කඩා වැටෙයි

රුසියාවේ Luna-25 අභ්‍යවකාශ යානය පාලනයෙන් මිදී සඳ මතට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

මිනිසුන් රහිත යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට මෘදු ගොඩබෑමක් සිදු කිරීමට නියමිතව තිබූ අතර එය ගොඩබෑමට පෙර කක්ෂයට ගමන් කිරීමේදී ගැටලුවලට මුහුණ දීමෙන් පසුයි එය අසාර්ථක වී ඇත්තේ

රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ සංස්ථාව වන Roscosmos අද (20) පැවසුවේ ඊයේ (19) පස්වරුවේ සිට Luna-25 සමග සම්බන්ධතා බිඳ වැටුණු බවයි

එය වසර 50 කට පමණ පසු රුසියාවේ පළමු සඳ මෙහෙයුම වනවා

Share This