සෞදි දේශසීමා ආරක්ෂකයින් විසින් සංක්‍රමණිකයන් ඝාතනය කළ බවට චෝදනා

සෞදි දේශසීමා ආරක්ෂකයින් විසින් සංක්‍රමණිකයන් ඝාතනය කළ බවට චෝදනා

සෞදි දේශසීමා ආරක්ෂකයින් යේමන දේශසීමාවේදී සංක්‍රමණිකයන් සමූහ වශයෙන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති බව හියුමන් රයිට්ස් වොච් හි නව වාර්තාවක දක්වා තිබෙනවා

යුද්ධයෙන් විනාශ වූ යේමනය පසු කරමින් සෞදි අරාබියට ළඟා වන ඉතියෝපියානුවන් සිය ගණනක් වෙඩි තබා මරා දමා ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ

මෙම සංක්‍රමණිකයන් BBC පුවත් සේවයට පවසා ඇත්තේ වෙඩි තැබීමෙන් පසු ඔවුන්ගේ අත් පා කපා දැමූ බවත්, මාර්ගවල සිරුරු දැක ඇති බවත් ය.

සෞදි අරාබිය මීට පෙර මෙම ඝාතන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

සෞදි අරාබියේ සහ යේමනයේ උතුරු දේශසීමාවේ දී සෞදි පොලිසිය සහ සොල්දාදුවන් විසින් වෙඩි තැබූ බව සංක්‍රමණිකයන්ගේ සාක්ෂිවලින් තහවුරු වන බවද හියුමන් රයිට්ස් වොච් (HRW) වාර්තාවේ දැක්වෙනවා

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට අනුව, වසරකට පුද්ගලයින් 200,000 කට වැඩි පිරිසක් අප්‍රිකාවේ සිට යේමනය දක්වා මුහුද හරහා ගමන් කර සෞදි අරාබියට යන බව පවසා තිබෙනවා

එම වාර්තාව වැඩිදුරටත් පවසන්නේ දේශසීමාවේ කොපමණ සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් මිය ගොස් ඇත්ද යන්න තක්සේරු කළ නොහැකි බවයි

Share This