TikTok සහ Telegram තහනම් කිරීමට සෝමාලියාවෙන් තීරණයක්

TikTok සහ Telegram තහනම් කිරීමට සෝමාලියාවෙන් තීරණයක්

සෝමාලියාව Tiktok සහ Telegram සහ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීම සඳහා තිබෙන 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල තහනම් කරන බව නිවේදනය කර තිබෙනවා

එරට රජය පවසන්නේ මෙම සමාජ මාධ්‍ය ජාල වගකිව යුතු ත්‍රස්තවාදීන් සහ කණ්ඩායම් වීඩියෝ, ඡායාරූප බෙදා හරිමින් සමාජය නොමඟ යැවීමට භාවිතා කරන බවයි.

අන්තර්ජාල සේවා සපයන්නන් අගෝස්තු 24 වනදා වන විට තහනම ක්‍රියාත්මක කළ යුතු බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එසේ නොමැතිවුවහොත් නීතිමය ක්‍රියාමාර්ගයකට මුහුණ දිය යුතු බව සන්නිවේදන හා තාක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා

Share This