බ්‍රික්ස් සමුළුව අද ඇරඹේ
බ්‍රික්ස් සමුළුව දකුණු අප්‍රිකාවේදී අද (22) ආරම්භ වනවා.
එය දෙදිනක් පුරා පැවැත්වීමට නියමිතයි.
බ්‍රික්ස් සමුළුව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ වැඩි අවධානයක් යොමුව ඇති අතර එහිදී ඉන්දු – චීන නායකයින් අතර හමුවක් ද පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වනවිට දකුණු අප්‍රිකාවට ගොස් සිටිනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ චීන ජනාධිපති ෂී ජින්පින් ද දකුණු අප්‍රිකාවට පැමිණ ඇති බවයි.
ඒ අනුව බ්‍රික්ස් සමුළුවට සමගාමීව ඉන්දු චීන නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ