යුක්‍රේනයට ජාත්‍යන්තර සහයෝගය – යුරෝපීය රටවල් දහයක් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

යුක්‍රේනයට ජාත්‍යන්තර සහයෝගය – යුරෝපීය රටවල් දහයක් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

මොස්කව් වෙත එල්ලවූ තවත් යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් ව්‍යර්ථ කළ බව රුසියාව ප්‍රකාශ කරනවා .

එමෙන්ම යුක්‍රේනය රුසියාවේ කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ අතර මෑත දිනවල එවැනි කඳවුරකට එල්ල වූ දෙවන ගුවන් ප්‍රහාරය බවයි පැවසෙන්නේ

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් කළු මුහුදේ ගෑස් මධ්‍යස්ථානයක් අසල යුක්‍රේනයේ ඔත්තු බැලීමේ බෝට්ටුවක් විනාශ කළ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබෙනවා

මේ අතර යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky යුරෝපයේ සංචාරයක් අවසන් කිරීමෙන් පසු කියා සිටියේ නව දේශපාලන සහයෝගය සහ නව ගිවිසුම් රැසක් සමග තමා ආපසු සිය රට බලා යන බවයි.

ග්‍රීසියේ ඇතන්ස් නුවර පැවති යුක්‍රේන-බෝල්කන් සමුලුවේදී යුක්‍රේනයට ජාත්‍යන්තර සහයෝගය ලැබී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේනයට සහය දැක්වීම සඳහා බෝල්කන් සහ යුරෝපීය රටවල් දහයක් ඒකාබද්ධ ප්‍රකාශයකටද අත්සන් තබා තිබෙනවා

Share This