ජාත්‍යන්තර වහල් අනුස්මරණ දිනය අදයි

ජාත්‍යන්තර වහල් අනුස්මරණ දිනය අදයි

වහල් වෙළදාම සහ එය අහෝසි කිරීම පිළිබඳ අනුස්මරණ ජාත්‍යන්තර දිනය හෙවත් වහල් අනුස්මරණ දිනය අද(23) අගෝස්තු 23 ලොව පුරා සමරනු ලබනවා. .

සාගර වහල් වෙළඳාම අනුස්මරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) විසිනුයි මෙම දිනය නම් කර ඇත්තේ.

වහල් වෙළඳාම මානව ඉතිහාසයේ බිහිසුණුම මානව හිමිකම් කඩකිරීම්වලින් එකක් වනවා.

වසර 400කට වැඩි කාලයක් පුරා අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාමේ ගොදුරු බවට පත් වූයේ අප්‍රිකාවේ මිලියන 15කටත් වඩා වැඩි පිරිමින්, කාන්තාවන් සහ ළමුන්ය.

මෙම කාලය තුළ මිනිසුන්ව, තම ගෝත්‍රවලින් රැගෙන ගොස් කිසිදු වැටුපක් නොමැතිව දුෂ්කර කොන්දේසි යටතේ වැඩ කිරීමට බල කර තිබුණා.

වහල්භාවයේ අනුස්මරණ දිනය යනු වහල්භාවයේ බිහිසුණු බව සිහිපත් කිරීම සහ එහි වින්දිතයින්ට ගෞරව කිරීම පමණක් නොවේ; එය වහල්භාවයට හේතු වූ වර්ගවාදයේ ක්‍රමය වර්තමාන ලෝකයේ සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම සහතික කිරීමට ක්‍රියා කිරීම ද වනවා. .

1988 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) විසින් එහි මහා සමුළුවේදී වහල් වෙළඳාම සහ එය අහෝසි කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව පළමු වහල් අනුස්මරණ දිනය 1998 දී හයිටියේ සහ අනෙකුත් රටවල සමරන ලදී.

යුනෙස්කෝව වහල්භාවය අනුස්මරණය කිරීමේ නිල දිනය ලෙස අගෝස්තු 23 තෝරා ගත්තේ අත්ලාන්තික් සාගරයේ වෙළඳාමේ ඉතිහාසයේ එහි වැදගත්කම නිසාය.

1791 අගෝස්තු 22 රාත්‍රියේ සිට අගෝස්තු 23 උදේ දක්වා, අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාමට එරෙහිව පළමු ප්‍රධාන වහල් නැගිටීම නූතන හයිටියේ ශාන්ත ඩොමින්ගු හි දී සිදුවුණා.

මෙම නැගිටීම හයිටි විප්ලවය ලෙස හැඳින්වූ අතර එය පැරණි ප්‍රංශ යටත් විජිතයට නිදහස ලැබෙන විට එනම් 1791 සිට 1804 දක්වා වසර 13 ක් පැවතුනු බවයි සඳහන් වන්නේ.

ශාන්ත ඩොමිංගු හිදී පුරා දහස් ගණනක් වහලුන් විප්ලවයකින් නැගී තම ස්වාමිවරුන්ට පහර දුන් අතර එය වහල් ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් හා එය ලොව පුරා වහල් වෙළඳාම අහෝසි කිරීම කෙරෙහි විශාල බලපෑමක් ඇති කිරීමට සමත් වූ සිද්ධියක්ද වුණා.

Share This