බ්‍රික්ස් සමුලුව වෙනුවෙන් ආරක්ෂාව තර කෙරේ

බ්‍රික්ස් සමුලුව වෙනුවෙන් ආරක්ෂාව තර කෙරේ

බ්‍රික්ස් සමුලුව ඊයේ (22) දකුණු අප්‍රිකාවේ දී ආරම්භ කෙරුණා

ජොහැන්නස්බර්ග්හි පැවැත්වෙන තෙදින සමුළුවට බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන බ්‍රික්ස් රටවල් ගෝලීය ආර්ථිකයෙන් හතරෙන් එකක් නියෝජනය කරමින් සහභාගී වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා චීනයේ ජනාධිපති ෂී ජින්පින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සහ තවත් නායකයින් 50 දෙනෙකු පමණ සහභාගී වන හෙයින් නගරය පුරා ආරක්ෂාව තර කර ඇති බවද සඳහන්

යුක්‍රේනයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට ලක්ව සිටින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මේ සඳහා සහභාගී නොවූ අතර පෙර පටිගත කරන ලද වීඩියෝවක් හරහා සමුළුව අමතනු ලැබුවා

එමෙන්ම ජොහැන්නස්බර්ග්හිදී රුසියාව නියෝජනය කරන්නේ එරට විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් විසින් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ලෝක ජනගහනයෙන් සියයට 40ක් නියෝජනය කරමින් විවිධ මට්ටමේ ආර්ථික වර්ධන මට්ටම්වල ප්‍රජාතන්ත්‍රවාදී සහ ඒකාධිපති රාජ්‍යයන් නියෝජනය කරමින්, BRICS රටවල නායකයින් මෙහිදී මුණ ගැසෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

බ්‍රික්ස් ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්පයක් ලෙස තමන්ගේම සංවර්ධන බැංකුවක් වෙනුවෙන් ද ප්‍රමුඛත්වය දරමින් ගෝලීය වෙළඳාමේ එක්සත් ජනපද ඩොලරය භාවිතය අඩු කිරීමේ යෝජනා ද ඉදිරිපත් කර තිබෙනවා

සමුලුව යුක්‍රේන යුද්ධය පිලිබඳ බෙදීම් අවධාරණය කර ඇති බවද සඳහන්

Share This