රුසියානු ප්‍රහාරයකින් ඔඩේසා වරායට හානි

රුසියානු ප්‍රහාරයකින් ඔඩේසා වරායට හානි

රුසියානු ප්‍රහාරයකින් ඔඩේසා වරායට හානි සිදුවී ඇති බව යුක්‍රේනය පවසනවා

යුක්‍රේනයේ, ඩැනියුබ් සහ දකුණු ඔඩේසා හි වරායන් ඩ්‍රෝන් ප්‍රහාරවල ඉලක්කය වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

රුසියානු ප්‍රහාරවලින් එක් ධාන්‍ය ගබඩා පහසුකමක් ගිනිගෙන ඇති බවත් කියෙව් නිලධාරීන් පවසා තිබෙනවා

ගින්න ඉක්මනින් මැඩපවත්වා ඇති බව යුක්‍රේන හමුදාව පවසන අතර ගිනි නිවන භටයන් එම ස්ථානයේ දිගටම මෙහෙයුම් කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ

Odesa ප්‍රාදේශීය ප්‍රධානී Oleh Kiper පවසන්නේ ප්‍රහාරය පැය තුනක් පැවති අතර යුක්‍රේන ගුවන් හමුදාව විසින් රුසියානු ඩ්‍රෝන යානා 9ක් විනාශ කිරීමට සමත් වූ බවයි.

කළු මුහුද හරහා ජාත්‍යන්තර වෙළඳපොලවලට ධාන්‍ය අපනයනය කිරීමේ ගිවිසුමකින් රුසියාව ඉවත් වූ ජූලි මාසයේ සිට ඩැනියුබ්හි වරායන් වන ඉස්මයිල් සහ රෙනි යුක්‍රේනයේ ධාන්‍ය අපනයනයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This