පුටින්ට විරුද්ධ වී ජීවිතයෙන් වන්දි ගෙවූ රුසියානුවෝ

පුටින්ට විරුද්ධ වී ජීවිතයෙන් වන්දි ගෙවූ රුසියානුවෝ

රුසියානු ජනාධිපති Vladimir Putinට එරෙහි වූ වැග්නර් කුලී හේවා ප්‍රධානී Yevgeny Prigozhin ගුවන් යානා අනතුරකින් මිය ගිය පසු පුටින්ට හෝ ඔහුගේ අවශ්‍යතාවලට විරුද්ධ වූ තවත් අය ද අපැහැදිලි තත්ත්වයන් යටතේ ජීවිතයෙන් වන්දි ගෙවූ සිද්ධීන් පිළිබඳවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Alexei Navalny: සයිබීරියාවේදී විෂ ශරීරගත වීමෙන් පසුව රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි 2020 අගෝස්තු මාසයේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජර්මනියටගොස් තිබෙනවා. බටහිර විශේෂඥයින් නිගමනය කළේ එය සිදු කර ඇත්තේ මිලිටරි ස්නායු ඒජන්ත Novichok බවයි. කෙසේ වෙතත් රුසියාව මේ සම්බධයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. .

2021 දී ස්වේච්ඡාවෙන් රුසියාවට පැමිණීම ගැන Navalny ලොව පුරා ප්‍රශංසාවට ලක් වුණා. කෙසේ වෙතත් රුසියාවට පැමිණි වහාම ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දැන් වසර එක හමාරකටත් වඩා සිරදඬුවම් විඳිමින් සිටින්නේ රුසියානු රජය සිදුකරන වංචා සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් ඔහු එල්ල කරන චෝදනා මතයි. ඔහුගේ දේශපාලන ව්‍යාපාරය තහනම් කර “අන්තවාදී” ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Sergei Skripal: බ්‍රිතාන්‍ය ඔත්තු සේවා වෙත රහස් ලබා දුන් හිටපු රුසියානු ද්විත්ව නියෝජිතයෙකු වන Sergei Skripal සහ ඔහුගේ දියණිය යුලියා 2018 මාර්තු මාසයේදී සැලිස්බරි නගරයේ සාප්පු මධ්‍යස්ථානයකින් පිටත බංකුවක සිහිසුන්ව සිටියදී සොයා ගෙන තිබෙනවා.

ඔවුන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති අතර, 1970 සහ 1980 ගණන් වලදී සෝවියට් හමුදාව විසින් වර්ධනය කරන ලද ස්නායු කාරක සමූහයක් වන Novichok සමඟ ඔවුන් විෂ ශරීරගත වී ඇති බව බ්‍රිතාන්‍ය නිලධාරීන් ප්‍රකාශ කළහ. කෙසේවෙතත් වෛද්‍යවරුන් ඔවුන් දෙදෙනාවම බේරා ගැනීමට සමත් වුණා.

Vladimir Kara Murza: රුසියානු විපක්ෂ ක්‍රියාකාරිකයෙකු වන Vladimir Kara-Murza පවසන්නේ 2015 සහ 2017 වසරවලදී ඔහුට වස දීමට උත්සාහ කළ බව තමා විශ්වාස කරන බවයි. ජර්මානු රසායනාගාරයක් කල පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඔහු තුළ රසදිය, තඹ, මැන්ගනීස් සහ සින්ක් මට්ටම ඉහළ ගොස් ඇති බවයි.

Alexander Litvinenko: හිටපු KGB නියෝජිතයෙකු සහ පුටින්ගේ සෘජු විවේචකයෙකු වූ Alexander Litvinenko, ලන්ඩනයේ මිලේනියම් හෝටලයේදී දුර්ලභ හා ප්‍රබල විකිරණශීලී සමස්ථානිකයක් වන පොලෝනියම් -210 මිශ්‍ර හරිත තේ පානය කිරීමෙන් 2006 දී වයස අවුරුදු 43 දී මිය ගිය බව බ්‍රිතාන්‍ය බලධාරීහු පවසනවා.

ජ්‍යෙෂ්ඨ බ්‍රිතාන්‍ය විනිසුරුවරයෙකු විසින් මෙහෙයවන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ හිටපු KGB ආරක්ෂකයෙකු වන Andrei Lugovoy සහ තවත් රුසියානු ජාතිකයෙකු වන Dmitry Kovtun විසින් මෙම ඝාතනය සිදු කර ඇත්තේ මෙහෙයුමක කොටසක් ලෙස බවයි. ඔහු පවසන පරිදි රුසියාවේ ප්‍රධාන ආරක්ෂක කාර්යාංශය වන Federal Security Service (FSB) විසින් මෙහෙයවනු ලැබූවක් විය හැකියි.

ලිට්විනෙන්කෝ වස පානය කිරීමට පෙර දිනට වසර හයකට පෙර රුසියාවෙන් බ්‍රිතාන්‍යයට පළා ගොස් තිබෙනවා.

Alexander Perepillichny: 44 හැවිරිදි රුසියානු ජාතිකයා 2012 නොවැම්බරයේ ව්‍යායාම කිරීමට ගොස් සිටියදී ලන්ඩනයට පිටතින් පිහිටි ඔහුගේ සුඛෝපභෝගී නිවස අසල වතුයායක මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

Alexander Perepillichny 2009 දී රුසියානු මුදල් විශුද්ධිකරණය පිළිබඳ ස්විට්සර්ලන්ත පරීක්ෂණයකට උදව් කිරීමෙන් පසු බ්‍රිතාන්‍යයේ රැකවරණය ඉල්ලා තිබෙනවා. . ඔහුගේ හදිසි මරණය ඔහු ඝාතනය කිරීමක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Viktor Yushchenko: එවකට යුක්‍රේන විපක්ෂ නායකයෙකු වූ Viktor Yushchenko, 2004 ජනාධිපතිවරණය සඳහා වූ ප්‍රචාරක ව්‍යාපාරයේදී වස පානය කර තිබෙනවා.

යුක්‍රේන ආරක්ෂක අංශ නිලධාරීන් සමඟ කියෙව් නගරයෙන් පිටත රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී තමාට වස ලබාදී ඇති බවයි බවයි ඔහු සඳහන් කර තිබුණේ.

Anna Politkovskaya: මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තා කළ මාධ්‍යවේදිනියක වන Anna Politkovskaya, 2006 ඔක්තෝබර් 7 වන දින, සුපිරි වෙළඳසැලේ සිට නිවසට පැමිණීමෙන් පසු මොස්කව්හි ඇගේ මහල් නිවාසයෙන් පිටත වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 48 හැවිරිදි දෙදරු මවක් වන Politkovskaya ඝාතනය බටහිර රටවල දැඩි අවධානයක් යොමු වූ අතර රුසියාවේ සේවය කරන වාර්තාකරුවන්ට ඇති විය හැකි අන්තරායන් පිළිබඳව කනස්සල්ලක්ද ඇති වුණා.

Share This