ආර්ථික අර්බුදය හේතුවෙන් චීනයේ ව්‍යාපෘති නවතී
චීනය තුළ පවතින ආර්ථික අර්බුධය හේතුවෙන් ක්ෂ්‍රේත්‍ර රැසක කඩා වැටීමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එරට දේපළ වෙළඳාම් අංශය ඒ අතරින් ප්රමුඛ වන අතර ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් අතරමග නවතා දමා ඇති බවයි එම වාර්තා මගින් පෙන්වා දෙන්නේ.
ඒ අතර චීනයේ දේපළ වෙළඳාම් ක්ෂ්‍රේත්‍රයේ ප්රමුඛයෙකු ලෙස සැලකෙන Country Garden සමාගම විසින් ආරම්භ කර ඇති නිවාස ව්‍යාපෘති ද වන බව සඳහන්.
එවැනි විශාල සමාගමක් පවා මූල්‍ය අර්බුධයකට පත්ව සිටීමෙන් පෙන්නුම් කෙරෙන්නේ චීනය ලොවට සඟවන එහෙත් රට තුළ පවතින අර්බුදය බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ