අමෙරිකාවේ සුදු ජාතිකයෙකුගේ වෙඩි තැබීමකින් කළු ජාතිකයින් තිදෙනෙකු මරුට

අමෙරිකාවේ සුදු ජාතිකයෙකුගේ වෙඩි තැබීමකින් කළු ජාතිකයින් තිදෙනෙකු මරුට

අමෙරිකාවේ ෆ්ලොරිඩා හිදී සුදු ජාතිකයෙකු සිදුකළ වෙඩිතැබීමකින් කළු ජාතිකයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

වර්ගවාදය පදනම් කරගනිමින් එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ වෙඩි තැබීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරුව වෙඩි තැබීම සිදු කළ 20 හැවිරිදි සුදු ජාතික තරුණයා ද සියදිවි හානි කරගෙන තිබෙනවා.

කෙසේවෙතත් වෙඩික්කරු කිසියම් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ සාමාජිකයෙකු ද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව ෆ්ලොරිඩා හි බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This