කොවිඩ් නිසා වසා දැමූ රටට ඇතුළුවීමට උතුරු කොරියාවෙන් අවසර – සතියක නිරෝධායන කාලයක්

කොවිඩ් නිසා වසා දැමූ රටට ඇතුළුවීමට උතුරු කොරියාවෙන් අවසර – සතියක නිරෝධායන කාලයක්

විදේශයන්හි වෙසෙන තම පුරවැසියන්ට ආපසු සිය රටට පැමිණීමට ඉඩ දෙන බව උතුරු කොරියාව නිවේදනය කර තිබෙනවා .

නමුත් පැමිණෙන අය තවමත් සතියක කාලයක් නිරෝධායනයේ යෙදීම අවශ්‍ය වනු ඇති

කොවිඩ් 19 වසංගතය ආරම්භ වීමෙන් පසු 2020 මුල් භාගයේදී උතුරු කොරියාව නීති දැඩි කරමින් රටින් පිටවීම මෙන්ම රටට ඇතුලුවීමද තහනම් කරනු ලැබුවා

2020 ජනවාරි මාසයෙන් පසු උතුරු කොරියාවේ Pyongyang සිට පිටත්ව ගිය පළමු ජාත්‍යන්තර වාණිජ ගුවන් යානයක් බීජිං වෙත පැමිණීමෙන් පසුවයි උතු කොරියානු වැසියන්ට මෙලෙස රටට ඇතුළුවීමට අවස්ථාව ලැබී තිබෙන්නේ

උතුරු කොරියාව සහ රුසියාව අතර ගුවන් ගමන් ද නැවත ආරම්භ කිරීමට නියමිත අතර, මෙම මාසයේ Pyongyang සහ Vladivostok අතර ගුවන් ගමන් 4ක් සිදු කෙරෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This