එක්සත් ජනපදයේ නිවසක එකම පවුලේ සාමාජිකයින් 5 දෙනෙකු මිය යාම ගැන පරීක්ෂණ ඇරඹේ

එක්සත් ජනපදයේ නිවසක එකම පවුලේ සාමාජිකයින් 5 දෙනෙකු මිය යාම ගැන පරීක්ෂණ ඇරඹේ

එකම පවුලේ සාමාජිකයින් 5 දෙනෙකු එක්සත් ජනපදයේ නිවසක් තුළ මිය යාම සම්බන්ධයෙන් එරට පොලිස් නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා

දරුවන් තිදෙනෙකු ඇතුළු පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ඔහියෝ නිවසක මියගොස් සිටියදී සොයා තිබෙනවා

මෙලෙස මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි ජේසන්,42 හැවිරිදි මෙලිසා සහ ඔවුන්ගේ දරුවන්වන 15 හැවිරිදි රෙනී,12 හැවිරිදි ඇම්බර් සහ 9 හැවිරිදි ඉවාන් යනුවෙනුයි හඳුනාගෙන ඇත්තේ

මිය යාමෙන් පසු මොවුන් සොයා ගෙන ඇත්තේ ඇක්‍රොන් නගරයෙන් සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි ලේක් ටවුන්ෂිප් හි පිහිටි ඔවුන්ගේ නිවසෙනුයි .

වෙඩි වැදීම් කිහිපයක් හේතුවෙන් එම පවුල ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසන නමුත් එය ඝාතනයක්ද එසේත් නැතිනම් සිය දිවි හානි කර ගැනීමක්ද යනුවෙන් පරීක්ෂණ පවත්වනවා

Share This