සිම්බාබ්වේ මැතිවරණ නිරීක්ෂකයින් අත්අඩංගුවට ගැනීම ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ප්‍රකාශයක්

සිම්බාබ්වේ මැතිවරණ නිරීක්ෂකයින් අත්අඩංගුවට ගැනීම ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ප්‍රකාශයක්

සිම්බාබ්වේ මැතිවරණ නිරීක්ෂකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කණස්සල්ල පළ කර තිබෙනවා

සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන ලෙසත් මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙසත් ඔහු දේශපාලන නායකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

ස්ථාපිත නෛතික හා ආයතනික මාර්ග හරහා ඕනෑම ආරවුලක් සාමකාමීව විසඳා ගන්නා ලෙස මහලේකම්වරයා දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා

ඕනෑම ආරවුල් සාධාරණ, කඩිනම් සහ විනිවිදභාවයකින් විසඳන ලෙස නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කරනවා

52.6% ක ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපති Emmerson Mnangagwa ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා

එහෙත් විපක්ෂය ද ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කළ අතර, පුළුල් ඡන්ද මංකොල්ලයක් සිදු වූ බව පවසමින්, නිරීක්ෂකයෝ ප්‍රකාශ කළේ ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන්ට වඩා අඩු බවයි.

ඡන්දදායකයින් බිය ගැන්වීම්, ප්‍රචණ්ඩත්වයේ තර්ජන, හිරිහැර කිරීම් සහ බලකිරීම් පිළිබඳවද වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

පසුගිය සතියේ ඡන්ද නිරීක්ෂකයින් 40 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර නිල ගණන් කිරීම හා සැසඳීමට ඔවුන්ගේම ඡන්ද ගණන් කිරීමද සිදු කළ බවයි පැවසෙන්නේ

මෙම අත්අඩංගුවට ගැනීම් මානව හිමිකම් සංවිධාන විසින් හෙළා දැක තිබෙනවා

Share This