ඇෆ්ගන් සිසුවියන්ට ඩුබායි හි අධ්‍යාපනය සඳහා රට හැර යාම තහනම් කෙරේ

ඇෆ්ගන් සිසුවියන්ට ඩුබායි හි අධ්‍යාපනය සඳහා රට හැර යාම තහනම් කෙරේ

ඇෆ්ගනිස්ථාන සිසුවියන්ට ඩුබායි හි අධ්‍යාපනය සඳහා රට හැර යාම තලේබාන් සංවිධානය විසින් නතර කර තිබෙනවා

20 හැවිරිදි ඇෆ්ගනිස්ථාන ශිෂ්‍යාවක් වන Natkai පවසා ඇත්තේ තලේබාන් සංවිධානය කාන්තාවන් සඳහා විශ්ව විද්‍යාල වසා දැමීමෙන් පසු විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට උපකාර වන ශිෂ්‍යත්වයක් ලබා ගැනීම එකම අරමුණ වූ බවයි

පසුව ප්‍රකෝටිපති ව්‍යාපාරික ෂෙයික් ඛලාෆ් අහමඩ් අල් හබ්ටූර්ගෙන් ඇයට ඩුබායි විශ්වවිද්‍යාලයේ ඉගෙනීමට ශිෂ්‍යත්වයක් හිමිව තිබෙනවා

පසුගිය ජූලි 23 වනදා, Natkai ඇගේ පවුලේ අයගෙන් සමුගෙන ගුවන් තොටුපළට පිටත් ව ගොස් ඇති නමුත් තලේබාන් නිලධාරීන් ටිකට්පත් සහ ශිෂ්‍ය වීසා බලපත්‍ර දැක යාමට අවසර ලබා දී නැහැ

විදේශ ගතවීමට ගොස් ගුවන් තොටුපලෙන් ආපසු හරවා යැවූ ගැහැණු ළමයින් 60 දෙනෙක් පමණ සිටි බවද සඳහන්

කෙසේවෙතත් මේ වනවිට තලේබාන් සංවිධානය ඔවුන්ට විරුද්ධ වන කාන්තාවන්ට දැඩි ලෙස පහර දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

තලේබාන් සංවිධානය කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කිරීමෙන් පසු 2022 දෙසැම්බර් මාසයේදී ඇෆ්ගන් කාන්තාවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රකාශයට පත් කරනු ලැබුවා

ඇෆ්ගන් කාන්තාවන් 100 දෙනෙකු මෙම ශිෂ්‍යත්ව ලබා ගැනීමට සමත් වී ඇති බව BBC පුවත්සේවය වාර්තා කරනවා

Share This