රුසියාවේ ගුවන්තොටුපළකට ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාවේ ගුවන්තොටුපළකට ඩ්‍රෝන ප්‍රහාරයක්

වයඹ දිග රුසියාවේ Pskov නගරයේ ගුවන් තොටුපළකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ප්‍රහාරයෙන් හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකකට හානි සිදුව ඇති බවයි පැවසෙන්නේ

එමෙන්ම Ilyushin 76 ප්‍රවාහන ගුවන් යානා ගිනිගෙන ඇති බවද සඳහන්

Pskov නගරය යුක්‍රේනයේ සිට 600km වඩා දුරකින් එස්තෝනියාවේ මායිමට ආසන්නව පිහිටා තිබෙනවා

මේ අතර මොස්කව් වේලාවෙන් මධ්‍යම රාත්‍රි 12 ආසන්නව කළු මුහුදේ මෙහෙයුමකදී සොල්දාදුවන් 50ක් පමණ රැගත් වේගවත් යුක්‍රේන බෝට්ටු හතරක් විනාශ කළ බව රුසියානු හමුදාව ප්‍රකාශ කරනවා .

Share This