නව සිතියමක් සම්බන්ධයෙන් ඉන්දියාවෙන් චීනයට දැඩි විරෝධයක්

නව සිතියමක් සම්බන්ධයෙන් ඉන්දියාවෙන් චීනයට දැඩි විරෝධයක්

ඉන්දියානු භූමියට හිමිකම් කියන චීනයේ නව සිතියමක් සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධයක් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඊසානදිග අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය සහ මතභේදයට තුඩු දී ඇති අක්සායි චින් සානුව චීනයට අයත් භූමියක් ලෙසින් එම සිතියමේ දැක්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා

එය නිකුත් කර ඇත්තේ චීනයේ ස්වභාවික සම්පත් අමාත්‍යාංශය විසිනුයි

මෙම ප්‍රකාශයන්ට කිසිදු පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන බවත් මෙවැනි පියවර තුලින් වන්නේ සීමා ප්‍රශ්නය විසඳීම සංකීර්ණ කිරීමක් පමණක් බවත් ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Bagchi පවසා තිබෙනවා

කෙසේවෙතත් බීජිනය තවමත් නිල වශයෙන් මෙයට ප්‍රතිචාර දක්වා නැහැ

ඉන්දියාවේ විදේශ අමාත්‍ය එස් ජයශංකර් පවසන්නේ චීනය අතීතයේ දී පවා චීනයට අයත් නොවන, වෙනත් රටවලට අයත් ප්‍රදේශ හිමිකම් කියන සිතියම් පෙන්වා ඇති අතර මෙය ඔවුන්ගේ පැරණි පුරුද්දක් බවයි

දකුණු අප්‍රිකාවේ පැවති බ්‍රික්ස් සමුළුවට සමගාමීව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් මුණ ගැසී කෙරුණු සාකච්ඡාවලින් දින කිහිපයකට පසුව ඉන්දියාවේ මෙම විරෝධය එල්ල වී තිබෙනවා

මතභේදයට තුඩු දී ඇති දේශසීමා ගැටළුව ඉක්මනින් විසඳීමට එහිදී දෙරටම එකඟ වූ බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කරනු ලැබුවේ

Share This