යුක්‍රේනයට ආයුධ සහ උපකරණ සැපයීම වේගවත් කරමින් එක්සත් රාජධානියෙන් ගිවිසුමක්

යුක්‍රේනයට ආයුධ සහ උපකරණ සැපයීම වේගවත් කරමින් එක්සත් රාජධානියෙන් ගිවිසුමක්

එක්සත් රාජධානියේ ආරක්ෂක දැවැන්තයා වන BAE සිස්ටම්ස් සමාගම විසින් යුක්‍රේනයේ ඔවුන්ගේ ආයතනයක් පිහිටුවා ඇති අතර Kyiv වෙත ආයුධ සහ උපකරණ සැපයීම වේගවත් කිරීම සඳහා ගිවිසුම්ද අත්සන් කර තිබෙනවා

එම සමාගම පවසන්නේ මෙම පියවර යුක්‍රේනයට සෘජුවම හවුල්කරුවන් ගවේෂණය කිරීමට සහ අවසානයේ කාලතුවක්කු නිෂ්පාදනය කිරීම සඳහාද ඉඩ සලසන බවයි.

BAE සිස්ටම්ස් සමාගම විසින් එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවලින් යුක්‍රේනය වෙත යවා ඇති බොහෝ ආයුධ නිපදවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

2022 වසරේ පෙබරවාරි මාසයේ සිදුවූ රුසියානු ආක්‍රමණයෙන් පසු, බ්‍රිතාන්‍යය යුක්‍රේනයට ප්‍රධාන ආරක්ෂක සැපයුම්කරුවෙකු බවට පත්ව තිබෙනවා

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky BAE සිස්ටම්ස් සමාගම එරටට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ ආයුධ නිෂ්පාදනය දියුණු කිරීම ප්‍රමුඛතාවයක් බවත් ආයුධ සහ අනෙකුත් මිලිටරි උපකරණ සැපයීම ඉහළ නැංවීමට මෙන්ම යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් ආර්ථිකයක රැකියා උත්පාදනය කිරීමට මෙයින් හැකිවන බවයි

ගිවිසුම් අත්සන් කිරීම සහ යුක්‍රේනයේ නීත්‍යානුකූල ආයතනයක් පිහිටුවීම අපගේ පවතින විශ්වාසය සහ සහයෝගය මත ගොඩනඟන බවත් යුක්‍රේන සන්නද්ධ හමුදාවන්ට වඩාත් සෘජු සහය ලබා දීම සඳහා එකට වැඩ කිරීමට මග පෑදෙන බවත් සඳහන් කරමින් යනුවෙන් එම සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා

Share This