ඇෆ්ගනිස්ථානයට ලකුණු 335ක ඉලක්කයක්

ඇෆ්ගනිස්ථානයට ලකුණු 335ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට ලාහෝර් හිදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 334ක් ලබා ගැනීමට සමත් වුණා.

එම ඉනිම වෙනුවෙන් අගනා පිති හරඹයක නිරත වූ Mehidy Hasan Miraz ලකුණු 112ක් සහ Najmul Hossain Shanto ලකුණු 104ක් ලබා ගත්තා.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථානයට හිමිවන ඉලක්කය ලකුණු 335ක්.

Share This