බංග්ලාදේශ කණ්ඩායමට ජය

බංග්ලාදේශ කණ්ඩායමට ජය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 89ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 334 ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් Mehidy Hasan Miraz ලකුණු 112ක් සහ Najmu Hassan Shanto ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු 336ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 44යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 245ක් පමණයි.

Share This