මිලියන 10ක ඇෆ්ගන් වැසියන්ට ලෝක ආහාර වැඩසටහනේ ආධාර අහිමි වෙයි

මිලියන 10ක ඇෆ්ගන් වැසියන්ට ලෝක ආහාර වැඩසටහනේ ආධාර අහිමි වෙයි

සැප්තැම්බර් මාසයවන විට මිලියන 10ක ඇෆ්ගනිස්ථානුවන්ට මේ වසරේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ආධාර අහිමි වී ඇති බව එම සංවිධානය මේ සතියේ නිවේදනය කර තිබෙනවා

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙන් මේ මාසයේ ඇෆ්ගනිස්ථානයේ මිලියන 2ක ජනතාවගේ ආහාර ආධාර කපා හැරීමට සිදුව ඇති බවයි පැවසෙන්නේ

දැවැන්ත අරමුදල් හිඟයක් හේතුවෙන්, ඉදිරියට යන විට ලෝක ආහාර වැඩසටහනට මාසිකව මිලියන 3 ක ජනතාවකට හදිසි ආධාර සැපයීමට පමණක් හැකි වනු ඇති බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා

“දැනටමත් පවතින මන්දපෝෂණ තත්ත්වය මධ්‍යයේ, කුසගින්නෙන් පෙළෙන අය සහ කුසගින්නෙන් පෙළෙන අය අතර තෝරා ගැනීමට අපි බැඳී සිටිමු, මිලියන ගණනක් පවුල් ඔවුන්ගේ ඊළඟ ආහාර වේල සඳහා පොරකමින් සිටිති,” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂ සහ ඇෆ්ගනිස්ථානයේ නියෝජිත Hsiao-Wei Lee පවසා තිබෙනවා

මිලියන 21 ක ජනතාවකට ජීවිතාරක්ෂක ආහාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට ඉදිරි මාස 6 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 1 ක් අවශ්‍ය බවද එම ප්‍රකාශයේ සඳහන් වනවා

Share This