යුක්‍රේනයට යුරේනියම් ෂෙල් ටැංකි සපයන බවට එක්සත් ජනපදයෙන් නිවේදනයක්

යුක්‍රේනයට යුරේනියම් ෂෙල් ටැංකි සපයන බවට එක්සත් ජනපදයෙන් නිවේදනයක්

යුක්‍රේනයට අවශ්‍යව ඇති යුරේනියම් ෂෙල් ටැංකි සපයන බව එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා

ඩොලර් බිලියන 1 කට වැඩි මිලිටරි සහ මානුෂීය ආධාරවල කොටසක් ලෙස මෙය ලබාදෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

යුක්‍රේනය සඳහා වූ නව ආරක්ෂක පැකේජයක් පිළිබඳ නිවේදනය එක්සත් ජනපද ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ඇන්ටනි බ්ලින්කන්ගේ කියෙව් සංචාරය අතරතුරදී සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

වෙළඳපොලකට මිසයිල ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු පුද්ගලයන් 17 දෙනෙකු මිය ගිය බවට යුක්‍රේනය රුසියාවට චෝදනා කිරීමත් සමග මෙම නිවේදනය නිකුත්ව ඇති බව සඳහන්

මේ අතර රුසියාවේ Rostov-on-Don නගරයට සහ මොස්කව් අසලට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This