බ්‍රසීලයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට

බ්‍රසීලයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට

බ්‍රසීලයේ Rio Grande do Sul ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් පසු ඇතිවූ ගංවතුරෙන් 31කට වැඩි පිරිසක් මිය ගිය බව ප්‍රාන්ත ආණ්ඩුකාර Eduardo Leite ප්‍රකාශ කර තිබෙනවා

සුළි කුණාටුව සතියේ ඉතිරි කාලයෙදිත් කලාපයට බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

එරට සමාජ සංවර්ධන අමාත්‍යාංශය (MDS) සඳහන් කරන්නේ දකුණු ප්‍රාන්ත දෙකේ අවම වශයෙන් මහ නගර සභා 50 කටවත් බලපෑම් එල්ල වී ඇති අතර Rio Grande do Sul හි Muçum නගරයෙන් 80% ක් පමණ ජලයෙන් යට වී ඇති බවයි.

එමෙන්ම ප්‍රාදේශීය සිවිල් ආරක්ෂක සේවය විසින් ජැකුයි ගඟ සහ ජැකුයි ඩෙල්ටා අවට ගංවතුර අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා

Share This